Post Views: 167 කතානායක අශෝක රන්වල මහතා සිය ආචාර්ය පට්ටම නිසාවෙන් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගම මෙවර පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ මංත්රීවරුන් කිහිපදෙනෙකුගේම තනතුරු නාම හා උපාධි පට්ටම් ගැන සමාජයේ කතාබහක් ඇතිව තිබේ. ඒ අනුව තවත් බොහෝ පිරිසක් සදහන් කරනුයේ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ අධ්යාපන සුදුසුකම් පිළිබදවත් පරික්ෂාකර බැලිය යුතු බවයි. විශේෂයෙන්ම සජිත් ප්රේමදාස මහතා සිය අධ්යාපන සුදුසුකම් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්රීසී භාෂාවෙන් සිය සුදුසුකම් ලෙස B. Sc. Econ ( International Relations) ලෙස සදහන්ව තිබුනත් එම වෙබ් අඩවියේම සිංහල භාෂාවෙන් විස්තර සදහන් වෙබ් පිටුවේ කිසිදු අධ්යාපනික සුදුසුකමක් සදහන්ව නොතිබීමත් පිලිගත නොහැකි තත්වයක් බව පෙන්වාදෙන නීතී විශාරදයින් සදහන් කරනුයේ විපක්ෂ නායක වරයාගේ අධ්යාපන සුදුසුකම් ද පරීක්ෂා කලයුතු බවයි. ඒ සදහා ස්වාධීන කමිටුවක් පත්කර සියළු මංත්රීවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට කටයුතු කලයුතු බවත් ජනතාව පවසයි. එමෙන්ම ඉදිරියේදී සජිත් ප්රේමදාස මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස බංගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බවත් වාර්තාවේ. Post navigation කතානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි. දිනෙන් දින රට තුල රිය අනතුරු ඉහලට – පොලිස් වාර්තා හෙළි කරයි.