Post Views: 158 සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මෙරට සමාජය තුල ඇතිකල පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේබව ප්‍රකාශ කර ඇත. මාධ්‍ය නිවේදනයයිපසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මවිසින් ප්‍රකාශ කර නැත. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද, ඒවා අදාල ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ. මා හට ආචාර්ය උපාධිය ලබදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාල අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මණින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. කෙසේ වෙතත් මතුව ඇති තත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි. ස්තුතියි. (උපුටා ගැනීම අවසන්) Post navigation 𝐓𝐈𝐒𝐋 𝐔𝐧𝐯𝐞𝐢𝐥𝐬 𝐋𝐚𝐧𝐝𝐦𝐚𝐫𝐤 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐨𝐧 𝐏𝐫𝐢𝐯𝐚𝐭𝐞 𝐒𝐞𝐜𝐭𝐨𝐫 𝐂𝐨𝐫𝐫𝐮𝐩𝐭𝐢𝐨𝐧 𝐑𝐢𝐬𝐤𝐬 සජිත් ප්‍රේමදාසටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ සැලසුමක්.