කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුව අද (09) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවත් වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව වරක් අත් අඩංගුවට ගනු ලැබුවේද එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කල සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *