Post Views: 131 අද (4) උදෑසන අලුත්ගම මතුගම මාර්ගයේ ගමන්ගත් මෝටර් කාර් රථයක් වැලිපැන්න ලෙව්වන්දූව ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත. මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කෙරී ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇති අතර වේගය පාලනය කරගත නොහැකිවීම නිසාවෙන් බෝක්කුවේ ගැටුනු රථය මාර්ගයෙන් ඉවතට විසිවී අසල ඉඩමකට පෙරලී ගොස් ඇත. මෙම අනතුරෙන් අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන රථයේ රියදුරා තුවාල ලබා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් මෝටර් රථයට බරපතල අලාභ හානී සිදුව ඇති බවත් වාර්තා වේ. Post navigation ශ්රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස මුර්දු නිරූපා බිඳුෂිණි ප්රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ නෙවිල් සිල්වා සීඅයිඩී අත්අඩංගුවට