Post Views: 198 මේ වසරේ පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (28) දකුණු කොරියානු තානාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනි. අදියර කිහිපයක් ඔස්සේ පැවැත්වුණු මෙම තරඟාවලිය ප්‍රවීනයන්ගේ කාණ්ඩය සහ නවකයින්ගේ කාණ්ඩය ලෙස කාණ්ඩ දෙකකින් සමන්විත වූ අතර අවසන් තරඟයෙන් අනතුරුව තරඟාවලියේ කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ඇරඹුනි. පොලිස් විශේෂ කාර්ය බලකායේ R.M.G.K.G පුෂ්පකුමාර ප්‍රවීනයන්ගේ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුසලානය සහ සහතික පත දිනාගත්තේය. නවකයින්ගේ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අම්පාර කොට්ඨාසයට අනුයක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල් පි.තර්මිලන් ජයග්‍රහණය කරන ලදී. තරඟාවලියේ නවකයින්ගේ කාණ්ඩයේ අවසන් සටනේදී උතුරු පළාත් කණ්ඩායම ලකුනු 29-20 ක් ලෙස පරාජයට පත්කළ දකුණු පළාත් කණ්ඩායම නවකයින්ගේ ශූරතාවයට හිමි කුසලානය හිමිකරගැනීමට සමත් විය. ඒ් අනුව අනුශූරතාවය උතුරු පළාත නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමට හිමිවිය. තරඟාවලියේ ප්‍රවීනයන්ගේ අවසන් සටනේ ශූරතාවයට හිමි කුසලානය ලකුණු 36-11 ලෙස ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායම පරාජයට පත්කල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ කණ්ඩායම දිනාගන්නා ලදී.ප්‍රවීනයන්ගේ අනුශූරතාවය ඒ් අනුව ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සතුවිය. තරගාවලියේ දක්ෂතම විනිසුරුවරයාට වෙන්කළ සම්මානය පොලිස් සැරයන් A.G.C.I තුෂාර දිනාගන්නා ලදී. ප්‍රධාන ආරාධිතයින් සමඟ මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසියේ පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා,පොලිස් විශේෂ කාර්යය බලකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ශ්‍රී ලංකා පොලිසියේ ටයිකොන්ඩෝ සංගමයේ සභාපති කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර මහතා, කොරියානු ජාතික ටයිකොන්ඩෝ මාස්ටර් කී-ෂූ-ලී, කොරියානු වෙළද සංගමයේ සභාපති ක්වක්-හුං-ක්‍යු මහතා, කොරියානු තානාපති කාර්යාලයේ ලේඛම් ඊ-හූ-චාං ඇතුලුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් සමග දකුණු කොරියානු රාජ්‍යයේ මෙරට වෙසෙන නිලධාරීන් රැසක් සහභාගී විය. Post navigation යාපනයේ හමුදා කදවුරු ඉවත් කිරීමේ ඇත්ත කතාව මොකක්ද ? ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි.