Post Views: 180 නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුකෙරෙන මෙම දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. හෙට පෙරවරු 9.30 ට දිවුරුම් දීමේ උත්සවය ආරම්භ කිරීමට නියමිත අතර සියළු රූපවාහිනී නාලිකා හරහා මෙය නැරඹීමේ අවස්ථාව සලසා ඇතිබව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කර සිටී. මේ වන විට නිළ නොවන ආරංචි මාර්ග අනුව සදහන් වන්නේ අග්‍රාමාත්‍ය ධූරය සදහා ආචාර්ය හරිනි අමරසූරීය මහත්මියම පත් කෙරෙන බවත් අමාත්‍ය මංඩලය 23 කට සීමා වන බවත්ය. Post navigation මහ මැතිවරණයෙන් තෝරාපත් කරගත් මංත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ. ඉතිහාසයේ පළමු වරට රටම අගයන ජාතික ලැයිස්තුවක් මාලිමාවෙන්.