ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායල් නිවාස පාදක කොටගත් සාත්තු සේවා රැකියා අවස්ථාව හිමි වූ පිරිසකට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (04) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්විණි.

16 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස මෙරටින් ඊශ්‍රායලයට යන 139 වන කණ්ඩායම වේ. 2024 ජනවාරි මස සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු වෘත්තියකයින් 929 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

විවිධ වංචනිකයන් ඊශ්‍රායල් රැකියා සඳහා යවන බව සදහන් කරමින් ජනතාව මුලාකරන බවත් එවන් අතරමැදියන්ට මුදල් දීමෙන් වලකින ලෙසත් මෙහිදී අවධාරණ කල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් සදහන් කලේ, මෙම රැකියා ලබාදීම සිදුවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සදහා ශ්‍රමිකයන් සැපයීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණක් සිදුවන බවයි.

මෙම අවස්ථාව සදහා රැකියා ලාභීන්ගේ පවුල්වල ඥාතීන් ද සහභාගී වී සිටින ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *