Post Views: 151 සමගි ජන බලවේගයෙන් නාම යෝජනා අහිමි වූ රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඊයේ (21) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත්තාය.. කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී එම පක්‍ෂයේ සභාපති, ව්‍යවසායක මොහාන් පෙරේරා මහතා වෙතින් ඇය මෙසේ එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග එක්වූ දමිතා අබේරත්න හට මෙවර මහ මැතිවරණයේදී එම පක්ෂය ලබා ගන්නා ඡන්ද අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බව පක්‍ෂයේ සභාපති මොහාන් පෙරේරා මහතා මෙහිදී පැවසීය. මෙහිදී අදහස් දැක්වූ දමිතා අබේරත්න මහත්මිය ‘අරගලය සමග එක්වූ මම එහි අවසානය දක්වාම කැපවී හිටියා. මම මගේ දේශපාලන පක්‍ෂය තෝරා ගැනීමේදී මම සජිත් ප්‍රේමදාස සමග හිටගත්තා. නමුත් මගේ බෙල්ල කැපුණා. කාන්තාවක් ලෙස මම අරගලය කළේ දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන්. මටත් කාන්තා හිංසනයක් සිද්ධ වුණා. කාන්තා අයිතීන්ට නිග්‍රහයක් තමයි සමගි ජන බලවේගයේ වුණේ. පෙරළිකාර චරිතවලට සජබය බයයි. මෙය කුමන පුද්ගලයකුට සිදු වුවත් එය අසාධාරණයක්. මට සිදුවූ දේ කාන්තාවන්ට එල්ල වූ විශාල පහර ගැසීමක්. හඬක් නැති කාන්තාවන්ට හඬක් නඟන්න තමයි මේ පක්‍ෂය තෝරා ගත්තේ.මම මෙතනට එන්න පෙර සජිත් ප්‍රේමදාස මහතා සමග කතාකලා නමුත් මට සාධාරණයක් ඉටුවන බවක් පෙනුනේ නැහැ. මම සාකච්ඡා වට කිහිපයකින් පසුව මේ පක්‍ෂයට එක්වූවා. මම සජබයේ සියලුම තනතුරුවලින් ඉවත්වෙනවා. මේ මැතිවරණයේදී බහුතර බලයක් ලබා දීම භයානකයි කියා කියන්න ඕනෑ. ඒ නිසා ජනතාව වෙනුවෙන් සටන් කරන්න ප්‍රබල විපක්ෂයක් ඇති කල යුතුයි. ඒ සදහා ජනතාවගේ සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා යනුවෙන් පැවසීය. Post navigation මහ මැතිවරණයට නාම යෝජනා දුන් රන්ජන් ජනපති සමාව ඉල්ලයි. බංකොලොත් දේශපාලනයට ඔක්සිජන් දෙන මාධ්‍ය ජවනිකා