Post Views: 117 නව ජනතා පෙරමුණේ නායක වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ. 2022 මාර්තු මස 31 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට යන මාර්ගය වන මිරිහාන පැඟිරි වත්ත මාර්ගයේ රැඳී සිට උද්ඝෝෂණය කළ පුද්ගලයන්ට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පහරදී මහජනතාව ප්‍රකෝප කිරීමේ සිද්ධියට අදාලව පැවැත්වෙන පරීක්ෂණය සම්බන්ධයෙනි. එම පරීක්ෂණයට අදාලව කරන විමර්ශනයක් සදහා ලබන සඳුදා (07) පෙරවරු 9.00 ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට සුගීෂ්වර බංඩාර වෙත දැනුම්දී ඇත. අදාළ පහරදීමේ සිද්ධියෙන් තුවාල ලද පුද්ගයින් 12 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව අයිතිවාසිකම් නඩු පවරා ඇති බවත් වාර්තා වේ. Post navigation මෝටර් රථ කොමසාරිස් සහ දෙදෙනකු අල්ලස් දැලේ. සජිත් ප්‍රශ්ණ වලින් පැනයන නායකයෙක් බව කියන සජබ ප්‍රබලයා (වීඩීයෝ සහිතයි)