Post Views: 173 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිදෙනා රුපියල් ලක්ෂ තුනක (300,000) අල්ලසක් ඉල්ලා සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. CIABOC ආයතනයට අනුව බස් රථ තුනක අයිතිය පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත. ඒ අනුව අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ඉදිරි විමර්ශන සිදුවන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. Post navigation අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ සංශෝධනය වන්නේ මෙහෙමයි. දේශපාලන පක්ෂයක නායකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.