Post Views: 289 අද (25) වැඩ බාර ගත් නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා නව සභාපතිවරු පත් කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත්වීම් ලද අතර, ඒ මහතා, චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිරරචකයෙක් ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ද වනවා. එමෙන්ම, ඒ මහතා, ජනසන්නිවේදනය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ජනසන්නිවේදනය වෙනුවෙන් ශාස්ත්‍රපති උපාධිය හා දර්ශනසූරී උපාධිය ද ලබා ඇත. ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස කථිකාචාර්ය ප්‍රියන්ත කුමාර වෙදමුල්ල පත්කර තිබෙනවා. ඔහු අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගෙන සිටින අතර කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා තිබෙනවා. ඒ් ආර්ථික විද්‍යාව හා කළමණාකරණය විෂය ක්ෂේත්‍රයෙන්. ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ ව පශ්චාත් උපාධි ඩිප්ලෝමා තුනක් හිමිකර ගත් ඔහු මේ වන විට පේරාදණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳව ආචාර්ය උපාධි අපේක්ෂකයෙක්. කොළඹ විශ්ව විද්‍යාලයේ හා පුද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය, ඩිජිටල් අලෙවිකරණය සන්නිවේදනය, අන්තර්ජාතික අලෙවි කළමනාකරණය හා උපක්‍රමික කළමනාකරණය යන විෂයන් වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා. 1996 වසරේ විශ්ව විද්‍යාල සමයේදී සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ඔහු එවකට පළ වූ සිතිජය, රාවය, ලක්ජන වැනි පුවත්පත් හා සඟරාවල විශේෂාංග ලේඛකයෙකු සහා ජනමාධ්‍යවේදියෙකු ලෙස සම්බන්ධ කටයුතු කර තිබෙනවා. 2002 වසරේදී එකල ප්‍රකට වු දෙසතිය සඟරාවේ සහ ලංකා පුවත්පතේ විශේශාංග කතෘ ලෙස සම්බන්ධ වන ප්‍රියන්ත කුමාර මහතා එහිම විශේෂාංග ලේඛකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. පසුව 2004 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධ වන ප්‍රියන්ත කුමාර මහතා 2007 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලබනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රචලිත වැඩසටහන් වන අකුණ , විසංවාදය, ඇත්ත නැත්ත, ජූරිය ඔබයි වැනි කාලීන වැඩසටහන් රැසක නිෂ්පාදනය කරනු ලබන්නේද ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතායි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උදිත ගයාෂාන් මහතා පත්වීම් ලද අතර, ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කලා අධ්‍යයන අංශයේ පීඨාධිපති ලෙසත් සේවය කරනු ලබයි.එමෙන්ම ඔහු, ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපතිවරයෙක් වනවා. Post navigation රාජ්‍ය සම්පත් අවභාවිතය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා කරයි TISL ආයතනය කියයි. ආගමන විගමන පාලක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.