පසුගියදා ප්‍රථිපල නිකුත් වූ අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය.

ඇයගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන යන අයකු වන අතර මව ගෘහනියකි. පවුලේ දෙවැනියා වු අයිෂා අමිනා දියණිය තම ජයග්‍රහණය සම්බන්දයෙන් මෙසේ කියා සිටියාය.

මම විභාගයට පෙර සිටම අරමුණක් තිබුණා. එක අරමුණක් සිට කටයුතු කළා .ඉලක්කයක් තිබුණා. වැඩිපුර විභාග ප්‍රශ්න පත්‍රවලට හොදින් පෙනි සිටියා. බුද්ධ ධර්මය විෂය ඉගැන්වු ජිනරතන ස්වාමින් වහන්සේ ,ඉදුනිල් ,නුවන් , සුපුන් ,නලින් ,ලාලක, පංතිභාර ගුරුතුමා සුපුන් සර් ,අංශ ප්‍රධාන මංජුල යන සර්ලා මේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියා. මට යාලුවෝ වගේ උදව්කලා. මට නිදහසේ අධ්‍යපන කටයුතු කරගන්න උදව්කරපු මගේ මව්පියන්ට ස්තුතිය පුදකර සිටිනවා.

ප්‍රශ්න පත්‍ර වැඩිපුර කරන්න ගුරුවරුන්ට කීකරුවෙලා වැඩකරන්න කියලා මම ඉල්ලනවා. මගේ බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වෙන්න. ඒ වෙනුවෙන් ගණිත විෂය උසස්පෙළට හදාරන්න සුදානම් වෙනවා.

(අයි ආර් ඉන්දික)- ලංකාදීප

4 thoughts on “මුස්ලිම් සිසුවියට බුද්ධාගම, සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ.”
  1. ඔබ ගැන ආඩම්බරයි දුවේ… ඔබේ අනාගත බලාපොරොත්තු ඉෂ‍්ඨ වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *