Post Views: 190 සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තුවේ දී අද (21) විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළා ය. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් අතුකෝරල මහත්මිය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ වූ බවත් ප්‍රේමදාස මහතා දේශපාලනිකව සියදිවි නසාගෙන ඇති බවත් ය. තලතා අතුකෝරාල මහත්මිය ගේ මෙම ඉල්ලා අස්වීම සමග එකී මන්ත්‍රීධූරය මනාප ඡන්ද ලැයිස්තුවේ මීලඟට සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු කරුණාරත්න පරණවිතාන මහතාට ලැබීමට නියමිතය. ඒ මහතා මේ වනවිට සජබ සමග සංධානගතව සිටින එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනු ලබයි. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප අනුව දෙවැනි ස්ථානය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂයේ අසුන් ගත්තේ ය.ඔහු සඳහන් කළේ, රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය පළ කරන බවයි. Post navigation අපි වැඩ පටන් ගන්නෙ 21 න් පස්සෙ.. ජොන්ස්ටන් කියයි. පොලිස් කොමිසමත් නොමඟ යැවූ පොලිස් ලොක්කෝ