ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු එළඹෙන අගෝස්තු 21 දින අනුරාධපුරයේ දී පවත්වන මහා ජන රැලියකින් ආරම්භ කරන බව එහි පාර්ලිමේන්තු මංත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

පක්ෂයේ නායකයින් කිහිපදෙනෙකු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කලත් පොහොට්ටුවේ බිම් මට්ටමේ පාක්ෂිකයන් තවමත් පක්ෂය සමග රදී සිටින බව හෙතෙම අවධාරණය කරන ලදී.

විවිධ හේතුමත පක්ෂය සමග සම්බන්ධතා බිදී ගොස් ඇති සියල්ලන්ම යලි පක්ෂය වෙත එක්කර ගැනීමට කටයුතු කරමින් පවතින බවත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයාමට විධිමත් වැඩපිළිවෙලක් ඇති බවත් මංත්‍රීවරයා පෙන්වා දුනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *