2024 ජනාධිපතිවරණ කාලසීමාව තුල මහජන සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සිදුකිරීම යන තේමාවෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ලක් කෙරුනේ රාජ්‍ය සම්පත් මොනවාද ඒවා අවභාවිතා කරන්නේ කෙසේද යන කරුණු හා එහිදී පුරවැසි වගකීම කුමක්ද යන්න පිළිබදවයි.

මෙහිදී අදහස් දැක්වූ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ජාතික සංවිධායක, නීතීඥ තුශානී කන්දිල්පාන මහත්මිය, රාජ්‍ය සම්පත් ප්‍රධාන කොටස් තුනකට අයත් වන බවත් ඒවා මානව සම්පත, භෞතික සම්පත් හා මුදල් ලෙස සැලකිය බවත් සදහන් කල අතර මානව සම්පත යනු සියළුම රාජ්‍ය නිළධාරී වන බවත් භෞතික සම්පත් යනු සියළුම රජයේ දේපල වන බවත් මුදල් යනු රජයේ සල්ලි බවත් පෙන්වා දුනි.
ඒ අනුව, රජයේ නිළධාරියෙකුගේ ශ්‍රමය, දැනුම හෝ අදහස් පවා යම් අපේක්ෂකයෙකුගේ ප්‍රවර්ධනයට යොදාගැනීම රාජ්‍ය සම්පත් අවභාවිතාවක් බවට පෙන්වාදුන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මේ සම්බන්ධයෙන් ජනතාව අවධියෙන් සිට ඒවා වාර්තා කිරීම තුලින් සාධාරණ මැතිවරණයකට ඉඩ සලසා ගත හැකි බව සදහන් කරන ලදී.

ඒ අනුව, රාජ්‍ය දේපළ අවභාවිතාව අවම කර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවත්වීමට රටේ සියලුම පුරවැසියන්ගේ සහාය ලබාදීම කල යුතු බව පෙන්වා දුන් නීතීඥ තුෂානී මහත්මිය, රටේ ඕනෑම පුරවැසියෙකුට මේ සම්බන්ධයෙන් වන පැමිණිලි “අපේ සල්ලි.lk” (apesalli.lk) වෙබ් අඩවිය හරහා හෝ දුරකථන අංක 0763223442 හා 0112865777 වෙත දැනුම් දීමට හැකියාව ඇති බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *