බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ නැගෙනහිර කැරිබියන් දූපත් රටක් වන ශාන්ත ලුසියා යනු වර්ග කිලෝමීටර් 617 ක පමණ කුඩා භූමි ප්‍රදේශයක පැතිර පවතින 180,000 ක පමණ ජනගයනයක් සහිත රටකි.

මෙවර ඔලිම්පික් තරගාවලියේ වේගවත්ම කාන්තාව වූයේ ශාන්ත ලුසියාව නියෝජනය කරමින් තරග වැදුනු ජුලියන් ඇල්ෆ්‍රඩ්. ඇය මීටර 100 කාන්තා රන් පදක්කම දිනාගත්තේ තත්පර 10.72 ක කාලයක් වාර්තා කරමින්. එය ශාන්ත ලුසියා හි මීටර 100 කාන්තා නව ජාතික වාර්තාව බවට ද පත්වුණා. එමෙන්ම මෙම ඔලිම්පික් පදක්කම ශාන්ත ලුසියා රට ඉතිහාසයේ ඔලිම්පික් පදක්කමකට හිමිකම් කී පළමු අවස්ථාව ද වනවා.

23 වියෙහි පසුවන ජුලියන් ඇල්ෆ්‍රඩ් ශාන්ත ලුසියාවේ ජාතික වාර්තාවට හිමිකම් කියන අතරම පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම දිනාගත් තරගකාරියයි.

ඇල්ෆ්‍රඩ් හමුවේ දෙවෙනි තැනට පත් වූයේ ඉසව්වේ ලෝක ශූරිය වන ඇමරිකාවේ ෂාකැරී රිචඩ්සන් (10.87). ලෝකඩ පදක්කම දිනා ගත්තේ ද ඇමරිකාව වන අතර ඒ මෙලිසා ජෙෆසන් (10.92) ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *