Post Views: 372 අගමැති දිනේෂ්, මහින්දට පිටුපා රනිල් සමග එක් වෙයි.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇත.මේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කර ඇති දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා හමුවී පක්ෂයේ තීරණය දැනුම් දීමට ද පියවර ගෙන තිබේ. ජනාධිපතිවරණය සදහා මේ වන විට අපේක්ෂකයන් 14 ක්මැතිවරණ කොමිෂන් සභාව විසින් කල නිවේදනය අනුව මේ වන විට ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත් කර ඇති අපේක්ෂකයින් ගණන 14 ක් දක්වා ඉහල ගොස් ඇත. ගංගාරාමයේ නායක් හිමි අපවත් වෙයි.කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය ගලබොඩ ශ්‍රී ඥානිස්සරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (ගංගාරාමේ පොඩි හාමුදුරුවන් ) අපවත් වී ඇත.ගංගාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අජරාමර නිර්වාන සුවයම සාක්ෂාත් වේවා ! පැරිස් ඔලිම්පික් මීටර් 800 තරගයේ දී තරුෂි 8 වන තැනට.පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර 800 කාන්තා ඉසව්වේ මූලික වටයේ තරගයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ මැදි දුර ධාවන ශූරි තරුෂි කරුණාරත්න එම තරගයේ 8 වැනි තැනට පත් වූවාය. විද්‍යුත් වීසා සැපයීම පුද්ගලික අංශයට ලබාදීම අධිකරණය වාරණය කරයි.විද්‍යුත් වීසා සේවාවන් සැපයීමේ කටයුතු සමාගම් තුනකින් සමන්විත ඒකාබද්ධ සන්ධානයකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.ඒ අමාත්‍ය මංඩලයේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකල පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය. කාංචනට සාගරව එපාවෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල ගැටළු ඇතිවූයේ එහි මහ ලේකම් සාගර කාරියවසම් නිසා බවත් පක්ෂය එම තත්වයෙන් මුදාගැනීමට නම් වත්මන් මහලේකම් එම ධූරයෙන් ඉවත්විය යුතු බවත් අමාත්‍ය කාංචන විජේසේකර සදහන් කරයි. ලබන මස සිට විශ්‍රාමිකයන්ට අමතර දීමනාවක්.ලබන මස සිට සියළු විශ්‍රාමිකයන් සදහා රුපියල් 3000 ක අමතර දීමනාවක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. ඒ අනුව විශ්‍රාමිකයන් ලක්ෂ හතකට මෙම දීමනාව හිමිවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී. Post navigation දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්. සර්වජන බලයේ ජනපති අපේක්ෂක නම් කෙරේ.