Post Views: 265 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. නීතිඥ අරුණ ලක්සිරි විසින් ගොනුකර තිබූ එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බවයි වාර්තා වන්නේ. තවද එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් මෙහිදී නියෝග කෙරුණා. අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. Post navigation මැතිවරණ වියදම් නියාමන පනත සහ මැතිවරණ ක්‍රියාවලියට එහි ඇති වැදගත්කම ගැන ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරේ. සෙනට් මණ්ඩල ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය.