Post Views: 156 ඉදිරි මැතිවරණයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධවත් මැතිවරණ ක්‍රියාවලිය තුළ දී පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳවත් ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද (08) ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මැතිවරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) එක්ව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, අතිරේක මැතිවරණ කොමසාරිස් – නීති විමර්ශන හා සැලසුම් නීතීඥ චින්තක කුලරත්න, පර්යේෂණ හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ චන්න ද සිල්වා, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් – මැතිවරණ ආරවුල් නිරාකරණ පියුමි ආටිගල යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් මහතා ගේ මෙහෙයවීමෙන් වැඩසටහන ක්‍රියාඅත්මක කෙරුණි. මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කලේ පවතින තත්වය මත නියමිත කාලය පැමිණි පසු ඉදිරියේදී ජනාධිපතිවරණය පැවැත්වීම කල යුතුම බවත් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම මැතිවරණ කොමිෂන් සභාව මගින් කරනු ඇති බවත් ය. Post navigation අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් මියයයි. ගායිකා කේ සුජීවාටත් වෙඩි වදී. නීතිඥ අරුණ ලක්සිරිගේ පෙත්සමත් නිෂ්ප්‍රභ කෙරේ