Post Views: 152 රුපියල් මිලියන 20 ක පමණ වටිනාකමක් සහිත රන් ආභරණ රේගුවට ප්‍රකාශ නොකර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන ඒමට උත්සහාකල පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු ග්‍රීන් චැනල් ප්‍රදේශය පසුකරමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට ගුවන්තොටුපළේ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් සමත්ව ඇත. කටාර් ගුවන් සේවයට අයත් QR 654 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති මොහු අදාල රන් ආභරණ සම්බන්ධව සදහන් නොකර පිටව යාමේදී ඇතිවූ සැකය මත කල පරීක්ෂාවේදී ඔහු සතුව තිබූ ග්‍රෑම් 995 ක් පමණ වන රන් ආභරණ සොයාගැනීමට හැකිව තිබේ. Post navigation සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) වෙතින් අනතුරු ඇගවීමක්. අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන් මිළ සංශෝධනය වන්නේ මෙහෙමයි.