අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයන් බවත් ඒ පිළිබද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය දැඩි අවධානය යොමුකර ඇති බවත් එම සංගමය දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරන අධිකරණ සේවා සංගමය පෙන්වා දෙන්නේ, අපක්ෂපාතී විනිසුරුවරුන් අපකීර්තියට පත් කිරීම සඳහා වූ නිශ්චිත ඉලක්කගත ව්‍යාපෘතියක්, කොටස් වශයෙන් දිග හැරෙමින් පවතින බව නිරීක්ෂණය වෙන බවය. එමෙන්ම, වරප්‍රසාදවලට මුවාවී ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන අධිකරණය වෙත ද්වේශ සහගත ලෙස විවේචන එල්ල කිරීම අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්කිරීමක් බවත් සදහන් වන එකී නිවේදනයේ “අධිකරණ අමාත්‍යවරයා රටේ අධිකරණ පද්ධතියේ විශ්වාසය අහිමි කරගත් වගකීම් විරහිත පුද්ගලයෙකු බවට පත්වීම කෙරෙහි අපි බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටිමු” යනුවෙන්ද සදහන් ය.

සම්පූර්ණ නිවේදනය පහතින්…

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *