Post Views: 244 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 5,108 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සිදුකෙරුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදල මගින් දියත් කර ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දිවයිනේ සමස්ත පාසල් 10,126 ම ආවරණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 100,000 කට ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරෙන අතර මෙම සියලු ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා ජනාධිපති අරමුදල මඟින් රුපියල් බිලියන 4 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. Post navigation පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනකු තුවාල ලබයි. මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ 4 අදියර සාර්ථකව නිමාකෙරේ.