Post Views: 249 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (19) පස්වරුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරී පත්වී තිබෙනවා.නිමල් සිරිපාලද සිල්වා මහතා මෙතෙක් දිනක් කටයුතු කලේ පක්ෂයේ වැඩබලන සභාපති ලෙසයි. එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා මෙහිදී තේරී පත්ව තිබෙනවා. නව මහලේකම් ලෙස ඉදිරියේදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ හා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පැවසුවේ ය. Post navigation නීතිපතිගේ සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි. හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා එජාප හක්මන සංවිධායකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.