නීතිපතිවරයා ලෙස වසරක කාලයක් සඳහා නැවත වතාවක් වත්මන් නීතීපති සංජය රාජරත්නම් පත් කිරීමට අදාලව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ යෝජනාව පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ මතය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා 2021 මැයි මස 26 වන දින මෙරට 31 වන නීතීපති ලෙස පත්කරන ලද්දේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඉන් අනතුරුව නීතීපතිවරයාගේ ධූර කාලය අවසන් වීම මත ඔහුට තවදුරටත් සේවා දිගුවක් ලබාදීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල නමුත් එම යෝජනාවට විවිධ පාර්ශව වලින් දැඩි විරෝධයක් එල්ල වුණා.

එවන් තත්වයක් තුල මෙන්ම මින් පෙර කටයුතු කළ කිසිදු නීතිපතිවරයෙකුට සේවා දිගු ලබාදීමට කටයුතු කර නොතිබූ පසුබිමක ජනාධිපතිවරයා කල මෙම යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය නොලැබීම සිදුව ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *