Post Views: 162 ශ්‍රී ලංකාව මේ වෙන විටදී අතිශය වැදගත් දේශපාලන සන්ධිස්ථානයක සිටින අතර ඉදිරි මාස කීපයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සමඟ මෙරට ඡන්දදායකයන් වෙන කවරදාකටත් වඩා දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවක රැඳී සිටි. එවන් තත්වයක් තුල දේශපාලන පක්ෂ සහ නායකයන්ගේ අදහස් හා හැසිරීම් සම්බන්ධයෙන් මෙරට ජනතාව වඩා වැඩි උනන්දුවකින් නිරීක්ෂණය කරන අතර ඒ වෙනුවෙන් වඩාත් ඵලදායි මෙන්ම සාධනීය මැදිහත්වීමක් සිදුකරමින් විද්වත් සංවාද මාලාවක් පැවැත්වීමට විමර්ශණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. එහි හතරවන සංවාද මංඩපය, මැතිවරණ අඛන්ඩතාවය වෙනුවෙන් දේශපාලන පක්ෂ භූමිකාව යන මැයින් අද (12) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම ආයතනයේදී පැවැත්වුනි. මෙවර විද්වත් සංවාදය සදහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර, ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මංත්‍රී, ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මංත්‍රී රවුෆ් හකීම්, ජාතික ජන බලවේගයේ නීතීඥ හර්ෂන නානායක්කාර යන මහත්වරුන් සහභාගී විය. Post navigation එජාප කැස්බෑව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ. නීතිපතිගේ සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි.