ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා මෙම විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානියා ලෙස මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුනි.

මෙම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ද එක්ව සිටි අතර සමුළුව ඇමතූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේ, ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකදී ශානී අබේසේකරට යුක්තිය ඉටුකරන බවයි.

පොලීසිය සතියක් වැඩ නතර කලහොත් බොරැල්ල හංදියෙන් එහාට මෙහාට යාමටවත් නොහැකිවන බවත් සදහන් කල අනුර කුමාර දිසානායක පැවසුවේ සමාජයක ස්ථාවරබාවය ආරක්ෂාකරගැනීමේදී පොලිස් දෙපාර්තමේන්තුවට විශාල කාර්ය භාරයක් ඇති බවයි.

ජාතික ජනබලවේගය පාලනයක් විසින් මේරටේ වෘත්තීය ගරුත්වයක් සහිත පොලිස් සේවාවක් ඇතිකරන බවත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සහතික විය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ඩී ආර් ඒ රණවීර, ජේ ඒ කේ මාක්, ඩී ගජසිංහ, ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් අනුර ජයසේකර ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *