Post Views: 158 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය ඊයේ (06) පෙරවරුවේ කොළඹ දී විවෘත කළේය.නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කිරීමට නියමිතයි. නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර සෙසු ආගමික නායකයන් ද ආගමික වතාවත් සිදු කර ආශිර්වාද පළ කළහ. කාර්යාලය පිහිටුවීමේ මුලික කටයුතු එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුනු අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post navigation හිටපු ජනාධිපති මෛත්‍රිපාල විසින් රොයල් පාක් මිනී මැරුමට වරදකරුවූ ජූඩ් ශමන්ත ජයමහට දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. මහ ගංවතුරේදී තමන් ගැන නොතකා ජීවිත දෙකක් බේරාගත් පාසල් සිසුවිය.