දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබුවා.
ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ඒකාබද්ධව සංධාන ගත වූ බව සදහන් ය.

නව දේශපාලන ව්‍යාපාරයේ තේමාව වී ඇත්තේ, ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ යන්නයි. මේ අනුව, සංධානගතවූ ‘සර්ව ජන බලය’ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹ දී අත්සන් තැබුණා.

පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ලේකම් වෛද්‍ය ජී විරසිංහ, යුතුකම ජාතික සංවිධානය ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන අය මෙම සන්ධානයේ සම්මුතිය සඳහා අත්සන් තබන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *