Post Views: 206 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (27) නියෝග කළා. ඒ මෙම නඩුව අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදි යි. එහිදි විනිසුරුවරයා විසින්මේ හා සමාන තවත් නඩුකරයක් තමන් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරු වරයා වෙත යොමු කරන බව සදහන් කරමින් නියෝගයක් ද ලබාදෙන ලදී. අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරු වරයා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබු අතරඑහිදී මෙම නඩුවට අදාල විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කරන ලදී. Post navigation දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බසයක් ගිනිගනී. Aura Lanka chairman Viranjith Thambugala granted bail