ගාල්ල සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී ලංගම බස් රථයක් අද පෙරවරුවේ හදිසියේ ගිනි ගැනීමකට ලක්ව ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 142 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (27) උදෑසන 10.15 ට පමන බස්‍ රථයේ එන්ජිම සහිත පිටුපස කොටස මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර රථය මාර්ගයෙන් ඉවතට ගෙන නවතා හදිසි ඇමතුමට කල දැනුම් දීමක් අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ රථ වාහන පාලන නිළධාරීන් විසින් ඔවුන් ලග තිබූ ගිණි උපකරණ භාවිතා කර බස් රථයේ පිටුපස ඇතිවූ ගින්න සම්පුර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇත.

මෙම ගිනි ගැනීමෙන් බසයේ එන්ජිම සහිත කොටසට හානි සිදුව ඇති අතර මගීන් කිසිවෙකුටත් කිසිදු හානියක් නොමැතිබව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *