ශ්‍රී ලංකාව තුළ පදිංචි සියලුම පුද්ගලයන්ගේ නිශ්චල හා චංචල වත්කම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙන මෙම ගැසට් නිවේදනයට අනුව මෙරට සෑම පුරවැසියෙකු විසින්ම තමන්ට අයත් ඉඩම් ඇතුළු දේපලවල අයිතිය, බදු ගිවිසුම් සමාගම් හා කොටස් වෙළඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු මෙන්ම වාහන අයිතිය පිළිබඳවද තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතුය.
එමෙන්ම, බැංකු හා බැංකු නොවන මුල්‍ය ආයතන ඇතුළු ඕනෑම මුල්‍ය ආයතනයක පවත්වාගෙන එන සියලුම ගිණුම් පිළිබඳව ද තොරතුරු ලබා දිය යුතුව ඇත.
අදාළ ගැසට් නිවේදනය පරිදි මෙම නියෝග එළඹෙන ජූලි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන බව සදහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *