Post Views: 196 කොළඹ නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ (Base Jump) ඉසව්වට සහභාගිවූ විදේශිකයෙකු පැරෂුටය දිගහැර ගැනීමට ප්‍රමාදවීමෙන් නෙළුම් කුළුණේ පහළ කොටසේ වැදී තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි ඇමෙරිකන් ජාතික පුද්ගලයකු බව වාර්තාවේ. බේස් පැනීමේ ඉසව්ව ඊයේ (12) නෙළුම් කුළුණේදී ආරම්භ කෙරුණු අතර අද (13) දිනයේද එම ඉසව්ව පැවැත්වුණි. අද දින තුවාල ලැබූ ඇමෙරිකන් ජාතිකයා නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට සහභාගිවී තිබූ අතර ඒ අතරවාරයේදී පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීම හේතුවෙන් බිමට පතිතවීමේ ඉලක්කය වැරදී නෙළුම් කුළුණ පහළ කොටසේ එම ක්‍රීඩකයා වැදීමෙන් හිසට සහ පාදවලට තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තාවේ. ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වාර්තා කළේ විදේශිකයා කුළුණෙන් පැන පැරෂුටය විවෘත කිරීම ප්‍රමාද කළ බවයි. Post navigation ආණ්ඩුවේ හෙද සැමරුම් දෙකක් ස්ථාන දෙකකදී. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ.