Post Views: 211 ඊයේ (12) දිනට යේදී තිබූ ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් රජයට සම්බන්ධ හෙද සංගම් දෙකක් වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයත් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයත් සැමරුම් උත්සව දෙකක් සංවිධානය කර තිබුණි. මින් එකක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීර පරිශ්‍රයේදී පැවති අතර එය සංවිධානය කර තිබුනේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සභාපතී ලෙස කටයුතු කරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසිනි. ඒ සදහා අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු සහ හෙද හෙදියන් විශාල පිරිසක් සහභාගී විය. රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කල අනෙක් සැමරුම ජනාධිපති වැත්තීය කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමෙෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, යන මහත්වරුන් ඇතුළු හෙද හෙදියන් පිරිසක් සහභාගී විය. Post navigation Foreign travel ban imposed on Diana Gamage නෙළුම් කුළුනෙන් පැන්න විදේශිකයා රෝහල්ගත කෙරේ.