Post Views: 206 රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ ගැටුම සදහා කුලී හේවායන් ලෙස සටන් කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ සේවය කල පුද්ගලයන් යැවීමේ මිනිස් ජාවාරම් පසුගිය කාලය පුරාම වාර්තා වූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශණය කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙම ජාවාරමේ මහ මොළකරු ලෙස හඳුනාගත් හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ ඔහුට සහය වූ හමුදා සාජන් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා වය අවුරුදු 50 ත් 65 ත් යන වයස් වල පසුවන්නන් බවත් ඔවුන් අත අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය සදහන් කරයි. මෙරට හමුදා විශ්‍රාමිකයන් ගණනාවක්ම කුලී හේවා කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස රුසියානු-යුක්රේන යුද පෙරමුණට යැවීමෙන් පසු මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය මේ වනවිටදී තහවුරු කර ඇති අතර මෙය සම්පූර්ණයෙන්ම නීතී විරෝධී ක්‍රියාවක් බවත් මෙසේ යන බහුතරයක් පිරිස් තමන් යන්නේ කුමන රාජකාරියකටද යන බවවත් නොදැන මෙම මිනිස් ජාවාරමට හසුවීම නිසා නිවරදි සංඛ්‍යා ලේඛන ලබා ගැනීමත් දුෂ්කර බව පෙන්වා දුන් ආරක්ෂක අමාත්‍යාංශය මේ තත්වය මැඩපැවැත්වීමට උපරිමයෙන් කටයුතු කරන බවත් පැවසීය. මීට පෙර අවස්ථාවකදීත් මෙවැනි මිනිස් ජාවාරමක නිරත වූ යුද හමුදා මේජර් ජනරාල්වරයකු ඇතුළු දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත සිටින අතර ඉහල වැටුප් හා තවත් ආකර්ෂණීය වරප්‍රසාද ලබාදෙන මුවාවෙන් මෙම මිනිස් ජාවාරම ක්‍රියාත්මක බවත් මෙවැනි නීති විරෝධී උපක්‍රමවලට හසුවී ජීවිත අවදානමට ලක් නොකර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියළු හමුදා සාමාජිකයන් වෙත දන්වා සිටී. Post navigation වීසා ගැටළුවට හඩ නැගූ තරුණයා පොලීසියට කැදවයි. ජනාධිපතිවරණය තියන දිනය ගැන මැතිවරණ කොමිසම කියයි.