Post Views: 205 කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී පසුගිය මැයි මස 01 දා ඇති වු තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා ඇත. නීතිඥවරයෙක් වන සඳරු කුමාරසිංහ නැමති අදාළ තරුණයා අද උදෑසන 10 ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය. කෙසේවෙතත් ඔහු පොලීසියට පැමිණි අවස්ථාවේ තවත් නීතිඥවරු පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. මේ අතර පසුගිය දා ගුවන් තොටුපොළේ ඇති වූ කලහාකාරී තත්වය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් කටුනායක පොලීසිය ඊයේ (05) සවස ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි ද වාර්තා වේ. Post navigation අධිවේගයේ කොන්ක්රිට් ආධාරකයක් කඩා වැටෙයි. හිටපු හමුදා සාමාජිකයන් රුසියන්-යුක්රේන් යුද්ධයට යැවූ හමුදා මේජර් ජනරාල් අත් අඩංගුවට.