Post Views: 173 මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක් කඩා වැටී ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් කොටසෙහි කුඹුරු සහ ජලයෙන් යටවීම සිදුවන ප්‍රදේශ ආශ්‍රිතව කිලෝ මීටර් 13 ක දුරක් කුලුනු මතින් ඉදිකිරීමට පියවර ගෙන තිබේ. මෙසේ කඩාවැටී ඇත්තේ එසේ කුළුණු මතින් සවිකර තිබූ බීම් එකකි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු සදහන් කලේ මෙවන් ආකාරයට අවම ශක්තියකින් යුක්තව අධිවේගී මාර්ගයක් ඉදිකලහොත් අනාගතයේදී මෙම අධිවේගය භාවිතාකරන වාහන සහ මගීන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවයි. Post navigation ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි. ප්‍රධාන සැමරුම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී. වීසා ගැටළුවට හඩ නැගූ තරුණයා පොලීසියට කැදවයි.