Post Views: 224 මැයි 03 මෙරට පමණක් නොව සමස්ත ලෝකයේම ජනමාධ්‍යවේදීන්ට විශේෂිත වූ දිනයකි. ඒ අද ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස සටහන්ව ඇති නිසායි. වර්ෂ 1993 දී ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ප්‍රකාශයට පත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකල අතර ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය. එතැන් සිට ලෝකයේ රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කරන අතර විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ. මෙරට ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරීමේ ප්‍රධානතම සැමරුම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මූලිකත්වයෙන් අද (03) කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වුනි. මෙ සදහා ආරාධිත දේශණය සිදුකලේ ප්‍රවීණ මාධ්‍යවේදී නාමල් පෙරේරා විසින් සිදුකල අතර වැඩ සටහනේ සමාරම්භය සනිටුහන් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මෙරට ජනමාධ්‍යට හා මාධ්‍යවේදීන්ට රාජ්‍ය යාන්ත්‍රණය තුල අත්විදීමට සිදුවන්නාවූ තත්වයන් පිළිබදව අදහස් දැක්විය. වසර ගණනාවකට පෙර මාධ්‍යවේදීන්ට පහරදීම් මෙන්ම ඝාතනය කිරීම් වැඩිවශයෙන් සිදුවුවද 2015 න් පසුව මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් වාර්තා නොවුනද මේ වනවිටදී රජය විවිධ ක්‍රම මගින් මාධ්‍යවේදීන් මර්ධනය කිරීම සදහා කටයුතු කරන බව සදහන් කල ලසන්ත ද සිල්වා පෙන්වා දුන්නේ බරපතල සමාජ විරෝධයක් පවතිද්දීත් මාර්ග ගත ආරක්ෂණ පනත සම්මත කිරීම එයට හොදම නිදසුන බව පවසමිනි. ප්‍රවීණ මාධ්‍යවේදී නාමල් පෙරේරා සිය ආරාධිත දේශනය අරඹමින් සදහන් කලේ, ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය ප්‍රකාශයට පත්කරන දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ සංවිධානයට අනුව, 2023 වසරේ දී ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව රැඳී සිටියේ රටවල් 180 කින් 135 වෙනි ස්ථානයේ බවත් 2024 වන විට අප රට 150 වෙනි ස්ථානය දක්වා පහතට වැටී ඇති බවත් පැවසීය. මෙම වැඩසටහනේදී ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පාදිත කෙටි සටහන් පොතක් එළිදැක්වීමද සිදුකෙරුනු අතර සියළු මාධ්‍යවේදීන් සංඛේතවත් කරමින් ජේයෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී මහත්මිය විසින් එහි පිටපතක් මාධ්‍යවේදිනී සමන්ති වීරසේකර වෙත ප්‍රධානය කරන ලදී. මෙම අවස්ථාව සදහා, ජේයෂ්ඨ මාධ්‍යවේදී ටී එම් ජී චන්ද්‍රසේකර, තාහා මුසාම්මිල්, ආනන්ද ජයසේකර, ප්‍රසාද් පුර්ණමාල් ඇතුළු විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් සහභාගී වී සිටියහ. Post navigation දේශපාලන අරමුණු සහිතව මැතිවරණ අභිමුව තවත් චක්‍රලේඛයක්. අධිවේගයේ කොන්ක්‍රිට් ආධාරකයක් කඩා වැටෙයි.