කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සංකල්පයකට අනුව, අවිධිමත් ශ්‍රමිකයින්ගේ වෘත්තීය ගරුත්වය නංවාලිම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති ‘ගරු සරු’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක www.garusaru.lk වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදාහැරීම ඊයේ (27) සිදු කෙරුණි.

රත්නපුරයේ වෙරලුපේ සෙන්චූරියා හෝටලයේ පැවති ”ජයගමු ශ්‍රීලංකා ජනතා ජංගම සේවයේදී” අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ගරුසරු (www.garusaru.lk) වෙබ් අඩවිය ජනගත කරන ලදී.

මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිවන සෑම ශ්‍රමිකයෙකුටම QR ඛේතයක් ලබදෙන අතර එමගින් අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සදහා වෘත්තීය ගරුත්වය ලබාදෙන වැඩසටහනට ශ්‍රමිකයින් දායක කරගැනීමට නියමිතය.

මෙයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණ පවත්වන අතර රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *