Post Views: 167 ගුවන් විදුලි සංස්ථාව සතු කොළඹ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත පර්චස් 120 කට වැඩි භූමියක්, වසර 20 කට බදු පදනම මත සුපිරි වෙළඳසැලක් සදහා ලබා දී එම ගොඩනැගිල්ලට සහ භූමියට අදාළ VAT ගෙවීම් අදටත් ගුවන් විදුලි සංස්ථාව මගින් සිදු කරනු ලබන අරුම පුදුම පුවතක් කෝප් කමිටුවේදී හෙළිවී ඇත. මෙම ගොඩනැගිල්ල සහ භූමිය බදු පදනම යටතේ ලබාදීමට අදාළව පලකළ පුවත් පත් දැන්වීම් හා බදු ගිවිසුම් පිළිබදව කාරක සභාව ගුවන් විදුලි සංස්ථා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කල අවස්ථාවේදී මාසිකව ඉන් සංස්ථාවට රුපියල් මිලයන 2ක් අදායමක් ලැබෙන බව සංස්ථා නිලධාරීහු සදහන් කර ඇත. කෙසේ වෙතත් එම එම ගොඩනැගිල්ලට සහ භූමියට අදාළ VAT ගෙවීම් නීති විරෝධී ලෙස සංස්ථාව විසින්ම ගෙවීම පිළිබඳව විමසීමේදී හෙළිව ඇත්තේ එම ගොඩනැගිල්ලක් සහිත භුමියට අදාළ ගිවිසුම එම සුපිරි වෙළඳ සැළ මගින්ම සකස් කර තිබූ බවයි.අදාළ මෙම ගිවිසුම් සඳහා ගුවන් විදුලි සංස්ථාව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වත්මන් සභාපතිවරයා අත්සන් කර ඇති අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදී. සංස්ථාවේ තවමත් සේවක අතිරික්තයක්. 2023 අප්‍රේල් 18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ අනුමත සේවක සංඛ්‍යාව 300 දක්වා අඩු කලයුතු වුවත් ආයතනය තුල තවමත් සේවකයින් 373 දෙනකු සේවයෙහි නිරත වන බවත් මෙහිදී හෙළිදරව් විය. කෙසේ වෙතත් ගුවන්විදුලි සංස්ථාව ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළ කැබිනට් අනුකමිටුවේ තීරණ නොබෝ දිනකින් ලැබීමට නියමිත නිසා ඒ අනුව සේවක සංඛ්‍යාව අඩුකිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා කෝප් කමිටුව දන්වා සිටියේය. එනමුත් මෙහිදී ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා සදහන් කලේ වර්තමානය වන විට සංස්ථාවටම සිටින්නේ ඉංජිනේරුවන් දෙදෙනෙක් පමණක් බවත් ඉන් එක් ඉංජිනේරුවෙක් හෝ නොමැති වුවහොත් සංස්ථාව වසා දැමීමට සිදුවන බවයි. Post navigation මත්ද්‍රව්‍ය තොගයක් සමග ඇල්ලූ නාවික හමුදා නිළධාරින් දෙදෙනා රිමාන්ඩ් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් අවිධිමත් ශ්‍රමිකයන් සදහා වෙබ් අඩවියක්.