අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබුණු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු මැයි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියම කළේය.

මුල්ලේරියාව පොලීසිය විසින් මෙම නාවික හමුදා නිලධාරීන් ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 434 ක් සන්තකයේ තබාගෙන සිටියදී ය.

ඔවුන්ව ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලීසිය සදහන් කලේ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නොමැති නිසා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ අනුව අධිකරණය විසින් සැකකරුවන්ව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *