මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් විසින් විදේශ රැකියා වලට පිටත් කර යවන බව සදහන් කරමින් පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කල බවත් එම ආයතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී පිරිසක් ඊයේ (26) විරෝධතාවක් පැවැත්වූහ.

අදාල විදේශ රැකියා නියෝජිත ආයතනය මගින් රුමේනියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව සහ ඩුබායි යන රටවල්වල රැකියා දෙන බව පවසමින් එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්‍ෂ හයේ සිට ලක්‍ෂ 25 දක්වා මුදල් ලබාගන ඒ ගැන විමසීමේදී මුදල් වෙනුවට ඔවුන්ට අගරු චෙක්පත් දී ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

මෙම බරපතල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මහරගම පොලිසියට සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණි කළ ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවූ බවත් අදාල රැකියා නියෝජිත ආයතනයේ හිමිකරුට විවිධ ඉහල සම්බන්ධතා තිබීම මෙයට හේතුවක් විය හැකි බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *