ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ සභාපති ධුරයේ වැඩකටයුතු කිරීම සඳහා වූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය එළඹෙන මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කර තිබේ.

මේ වන විට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයටද ඉබි යතුරු දමා තිබෙන අතර මේ තත්වය මත එළඹෙන මැයි පලවනදා දේශපාලන පක්ෂ විසින් සම්ප්‍රදායානූකූලව සිදුකරන මැයි දින සැමරුම් සදහා පක්ෂ සභාපති ලෙස සහභාගී වීමටද මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකියාවක් නොමැති බවත් නීතී විශාරදයන් සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *