Post Views: 294 ෆෝබීස් සගරාව විසින් එළිදක්වා අති ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ නවතම යාවත්කාලින කිරීම අනුව එහි ඉහලින්ම රැදී ලෝක ධනවතා වීමට ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝ සහ පවුල සමත්ව ඇත. ඒ ඔවුන්ගේ වත්කම ඇමරිකානූ ඩොලර් බිලියන 219.4 ක් ලෙස සටහන් කරමිනි. ලෝකයේ දෙවන ධනවතා බවට ඇමරිකානූ ඩොලර් බිලියන 203.3 ක වත්කමක් සහිත ඇමරිකා එක්සත් ජනපදයේ ජෙෆ් බෙසෝස් (Amazon) පත්වන විටදී තුන්වන තැනට පත්ව ඇත්තේ ඇමරිකානූ ඩොලර් බිලියන 196.0 ක වත්කමක් ඇති තවත් ඇමරිකානූවෙකුම වන ඊලෝන් මස්ක් ය (Tesla, SpaceX). ධනවතුන්ගේ ලැයිස්තුවේ හතරවන තැනට ඇමරිකානූ ජාතික මාක් සකර්බර්ග් හිමිකම් කියන්නේ ඇමරිකානූ ඩොලර් බිලියන 181.1 ක වත්කමක් සමගිනි. ඒ සමගම එහි පස්වන සහ හයවන ස්ථාන වලට ඇමරිකානූ ඩොලර් බිලියන 181.1 ක වත්කමක් සහිත ලැරී එලිසන් සහ ඩොලර් බිලියන 152.7 ක වත්කමක් සහිත වොරන් බෆට් හිමිකම් කියා ඇත. ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ හත්වැන්නා බවට පත්වීමට කාලයක් ලොව අංක එකේ ධනවතා ලෙස සිටි බිල් ගෙට්ස් හට සිදුව ඇත්තේ සිය වත්කම ඇමරිකානූ ඩොලර් බිලියන 131.3 කට සීමාවීම නිසායි. බිල් ගෙට්ස් ට පසුව ධනවතුන්ගේ ලැයිස්තුවේ අට වැන්නා බවට පත්ව ඇත්තේ, ඇමරිකානූ ඩොලර් බිලියන 130.5 ක වත්කමක් සහිත ලැරී පේජ් ය. ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු තැන හැර අන් සියලුම ස්ථාන වලට හිමිකම් කීමට ඇමරිකානූ ජාතිකයන් සමත් වන්නේ එහි නමවන හා දසවන ස්ථානද පිළිවෙලින් ඇමරිකානූ ඩොලර් බිලියන 125.8 ක වත්කමක් සහිත ස්ටීව් බැල්මර් සහ ඩොලර් බිලියන 125.3 ක වත්කමක් සහිත සර්ජි බ්‍රයන් විසින් හිමිකර ගැනීමත් සමගයි. ආසියාවේ ධනවතා වන ඉන්දීය ජාතික මුකේෂ අම්බානී මෙම ලැයිස්තුවේ 8 වන තැන රැදී සිටියද මේ වන විටදී ඔහු එහි 11 වැන්නා ලෙසට පසු බැස ඇති බව වාර්තා වේ. මූලාශ්‍ර – ෆෝබීස් (https://www.forbes.com/real-time-billionaires/#614f17a13d78) Post navigation පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනකු තුවාල ලබයි. Sri Lanka’s Piyumi Wijesekara among new NASA crew for next simulated Mars journey