Post Views: 249 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙය කැඳවා තිබූ අතර එහිදී වැඩ බලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ගෙන ඇත.කෙසේ වෙතත් තමන් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීමට ලබාදුන් වාරණ නියෝගයට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි. පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද පැවති මෙම රැස්වීමේ මුලසුන දරා ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් මේ සදහා සහභාගි වී ඇත. Post navigation පොලිස් වෙඩි පහරින් ගුවන් හමුදා සෙබළා මරුට. ඩිජිටල් යුගයේ ශ්‍රී ලංකාවේ කාන්තා මාධ්‍යවේදිනියන්ගේ තත්ත්වය පිළිබදව විද්වත් සාකච්ඡාවක්.