අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අංගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටිය දී පැමිණි යතුරුපැදියකට නවත්වන ලෙස නියෝග කර ඇති අතර අදාළ පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කරමින් පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙන බව සඳහන්.

එහිදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකල ප්‍රති ප්‍රහාරයේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබු එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

පොලීසිය සදහන් කරන්නේ, එම පුද්ගලයා ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බවයි.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කර ඇත්තේ, ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *