Post Views: 294 මෙරට ආරක්ෂක හමුදාවන් හී සාමාජිකයන් විවිධ නීතී විරෝධී ක්‍රම හරහා රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්ව සේවය කරන බව ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය නිවේදනය කර සිටී. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවන් හී සේවය කර විශ්‍රාම ලද පුද්ගලයින් මේ සදහා සම්බන්ධව ඇති අතර ඉන් කිහිප දෙනෙකු යුධ ගැටුම් හේතුවෙන් මියයාම් හා තුවාල ලැබීම් වලට ලක්ව ඇති බවත් පසුගිය දිනවල විවිධ මාධ්‍යයන් හරහා ප්‍රචාරය වී ඇති අතර ඔවුන් සම්බන්ධව නිශ්චිත තොරතුරක් ලබාගැනීමටද හැකියාවක් නොමැති බවත් වාර්තා වේ. ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන හමුදාවන් හී සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හෝ යුක්‍රේන හමුදාවන් අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බවත් එය රාජ්‍යත්‍රාන්තිකවද බරපතල ගැටළුවක් වන බැවින් නීති විරෝධී ක්‍රමවලින් රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්නොවන ලෙස සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම, මෙවන් කටයුතු සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කරන ආයතන හෝ පුද්ගලයන් සිටීනම් ඔවුන් පිළිබදව තොරතුරු පොලීසියට හෝ ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් එවන් කූඨ පුද්ගලයන් හෝ ආයතන වෙත මුදල් ලබාදීම් නොකරන ලෙසත් මහජනතාවට නිවේදනය කර සිටී. Post navigation ඉතිහාසයේ පළමු වරට සිංහල දෙමළ අලුත් අවුරුද්දට නැකත් වේලාවන් දෙකක්. පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස් වෙයි.