පාස්කු දේව මෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියයාමේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ, ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50 ක පමණ ප්‍රපාතයකට ඇදවැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම අනතුරින් විශ්මය ජනක ලෙස 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති අතර ඇය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *