Post Views: 404 රාජ්‍ය නැකැත් කමිටුව විසින් මෙවර ඉදිරිපත් කරනු ලැබූ සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය දිනවල දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කළේය. ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින් මෙලෙස විකල්ප නැකැත් සීට්ටුවක් රටට ඉදිරිපත් කරමින් ඔවුන් සදහන් කරන්නේ, 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවයි. ඒ අනුව රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් මෙසේ ඉදිරිපත් කර ඇත. එම සංගමය නියෝජනය කරමින් ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී, ජනක නවරත්න මහතා සදහන් කරන පරිදි,මෙවර අලුත් අවුරුදු උදාව 13 වනදා අපරභාග 9.05 ට සිදුවන අතර පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වන දා අපරභාග 2.41 සිට අප්‍රේල් 14 වන දා අලුයම 3.29 දක්වා යෙදී ඇති බව පවසයි. සාම්ප්‍රදායිකව ඉහත වේලාව පුණ්‍ය කාලය ලෙස භාවිත කළත් නිවැරදි සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින මධ්‍යහ්න 12.11 සිට අපරභාග 6.19 දක්වා වූ හිරු අවරට යෑම දක්වා නිවැරදිම පුණ්‍ය කාලය බව ද ජනක නවරත්න මහතා සඳහන් කළේය. සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ බැවින් සුබ නැකැත් සාදනය රිසි නියම අනුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසු අප්‍රේල් 14 වන දින සූර්ය උදාව සමග චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍ය සැමරීම සුදුසු බවද ජනක නවරත්න මහතා පැවසීය.ඒ අනුව, ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වනදා පුර්වභාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ද,වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්වභාග 7.07 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ද සිදුකරනු ලැබිම සුදුසු වේ. කෙසේ වෙතත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකත් කමිටුවෙන් ඉදිරිපත් කෙරෙන නැකත් බාහිර පාර්ශ්ව විසින් විවේචනය කිරීම දැන් වසර කිහිපයක සිට සිදුවන්නක් බවත් කිසිදු පදනමක් නොමැති එම විවේචන කරන්නන්ගේ මූලිකම පරමාර්ථයක් වී තිබෙන්නේ මාධ්‍යයෙන් ප්‍රසිද්ධවීම පමණක් බවයි නැකත් කමිටුවේ සාමාජිකයන් සදහන් කරන්නේ. Post navigation දිවංගත ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් කල විශේෂ නිවේදනය.