Post Views: 226 නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ආරම්භයත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ (19) පළමුවරට රැස්වුණි.ඒ එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සදහා සභාපති ලෙස පත්කෙරුනු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ පත්වීමට විරෝධය පලකරමින් එහි සාමාජිකයන් ගණනාවක්ම ඉල්ලා අස්වී තිබූ පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද අද එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. මෙයට පෙර මංත්‍රීවරු 8 දෙනෙකු කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති අතර දුමින්ද දිසානායක මංත්‍රීවරයාගේ අස්වීමත් සමඟ මේ වනවිට මන්ත්‍රීවරු 9 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව තිබේ. කෙසේ වෙතත් කමිටුවේ සමාජිකයන් 30 දෙනාගෙන් 7 දෙනෙකුම ඉල්ලා අස්වී තිබූ පසුබිමකත් ඊයේ කෝප් කමිටුව රැස්වූ අතර එහිදී රාජ්‍ය වැවිලි සංස්ථාවේ කටයුතු පිළිබඳව සාකච්ඡාවට ගැනුණි. Post navigation කෘෂිකර්මාන්තය ඉහල නැංවීමට ජනතාවට පහසුකම් සලසන බව ඇමති මහින්ද අමරවීර කියයි. දිවංගත ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්.