Post Views: 671 මේ වනවිටදී පාසල් තුල දරුවන් හිංසනයට ලක්වීම යම්තාක් දුරකට අඩුවීමක් පෙන්නුම් කලද තවමත් බොහෝමයක් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල පාසල්වල සමහර ගුරුවරුන් ඉතාම නොමනා ආකාරයට දරුවන් හිංසනයට පීඩනයට පත් කරන බව නොරහසකි. මේ තත්වය තුල පාසල් තුළ සිදුවන හිංසනයන්ට එදිරිව 2022 දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තිබියදීත්අධ්යාපන අමාත්‍යාංශය නිකුත් කල ‘පාසල තුළ විනය ආරක්ෂා කිරීම’ චක්‍රලේඛ 12/2016 මගින් දරුවන්ට ශාරීරික දඩුවම් පැමිණවීම සම්පූර්ණයෙන් පටහැණි බව සදහන් කර තිබියදීත් නීතියේ හිඩැස් වලින් රිංගා යාමට පාසල් විවිධ ක්‍රම අනුගමනය කරමින් සිටී. දරුවන්ට දඬුවම් දීමට දෙමව්පියන්ගෙන් අනුමැතිය ඉල්ලමින් බප/ජය/ ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසින් සිසු තොරතුරු පත්‍රිකාවක් නිකුත් කර ඇත. මේ සම්බන්ධව ‘ළමා ආරක්ෂණ සන්ධානය’ අධ්‍යාපන අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඔහුව දැනුවත් කර ඇත. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ දරුවන්ට එරෙහිව ශාරීරික/මානසික හිංසන සිදුකිරීම දණ්ඩ නීතී සංග්‍රහයේ කෲරත්වය යටතට ගැනෙන අපරාධමය වරදක් වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීන්දුවක්ද නොතකා දරුවන්ට හිංසා කිරීම අධිකරණයට කරන අපහාසයක් ද වන බවයි. මේ සම්බන්ධව ‘ළමා ආරක්ෂණ සන්ධානය’ අධ්‍යාපන අමාත්‍යවරයා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව විමසා සිටින අතරම විෂයභාර අමත්‍යවරයා ලෙස මේ තත්වය පාලනය කිරීමට පියවර නොගැනීම අධිකරණයට අපහාස කිරීමක් ලෙසට නඩු පැවරීමකට ලක්වන තත්වයක් බවත් පෙන්වා දී ඇත.අදාල ලිපි පහතින් Post navigation 2024 පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්. පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනකු තුවාල ලබයි.